සියලු විදුලි බලාගාර හා විදුලි උපපොලවල්වල දත්ත පාලනය කළ හැකි නව මධ්‍යස්ථානයක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයින පුරා ඇති සියළුම විදුලි බලාගාර සහ විදුලි උප පොළවල්වල ඇති දත්ත පාලනය කළ හැකි ශ්‍රී ජවයර්ධනපුර නව ජාතික පද්ධති පාලන මධ්‍යස්ථානය මෙම මාසයේදී විවෘත කිරීමට හැකි බව විදුලි බල හා පුනර්ජණනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්ය. මෙම මධ්‍යස්ථානය පාරිභෝගික ජනතාවට අවශ්‍ය විදුලිය ඉතා කාර්යක්ශමව සපුරාලීමට අවශ්‍ය නවීණ තාක්ෂණික උපකරණවලින් සමන්විතය.

නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා,

” ශ්‍රී ලංකාවේ විදුලි බල පද්ධතිය මෙහෙයුම් කිරීම සඳහා නවීන තාක්ෂණයෙන් යුතු ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයක අවශ්‍යතාවය තිබුණා.. මීට කලින් අපි පවත්වාගෙන ගිය මෙහෙයුම් මධ්‍යස්ථානය කාලයට ගැලපෙන එකක් නෙමේ..මෙම නවීන මෙහෙයුම් මධ්‍යස්ථානය ඉදිකිරීමත් හුඟක් අභියෝගයට ලක් වුණා..ඒ සියලු අභියෝග ලංකා විදුලි බල මණ්ඩලය විසින් ජයගනිමින් ජනවාරි මාසේ 25 වෙනිදා වෙනකොට මෙම ප්‍රධාන පද්ධති මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කිරීමට හැකියාව ලැබෙනවා..මෙහි තියන විශේෂ වාසිය තමයි මුළු රටේම විදුලි පද්ධතිය එකවර ග්‍රහණයට ලක් කර ගැනීමට අපේ ඉංජිනේරුවන්ට හැකියාව ලැබෙනවා…විශේෂයෙන්ම අපේ රට ස්මාට් ට්‍රෙන්ඩ් එකක් කරා යන ගමනේ එක වැදගත් සංධිස්ථානයක් තමයි මෙම මධ්‍යස්ථානය…”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *