ටජ් මහල නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව සීමා කිරීමට තීරණයක්

(කොළඹ, ලංකාපුවත්) – ටජ් මහල් නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව දිනකට 40,000 දක්වා සීමා කිරීම කෙරෙහි ඉන්දීය බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙන බව එරට මාධ්‍ය වාර්තාවල සදහන් වේ.

අධික ලෙස සංචාරකයන් පැමිණීම හේතුවෙන් ඇතිවන පාරිසරික, ආරක්ෂක හා සෞඛ්‍ය ගැටලු පිළිබඳ අවධානය යොමු කරමින් මෙම තීරණයට එළඹීමට නියමිතය.

ඇතැම් දිනවල ටජ් මහල් නැරඹීමට දිනකට සංචාරකයින් 70,000ක් පමණ පැමිණේ.

මේ අනුව අන්තර්ජාලය හරහා සිදු කෙරෙන ප්‍රවේශපත්‍ර අලෙවිය සීමා කිරීමට ද යෝජනා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *