MH 370 සොයා යළිත් විශේෂ මෙහෙයුමක්

(කොළඹ, ලංකාපුවත්) – මීට සිව් වසරකට පෙර අතුරුදන් වූ මැලේසියා ගුවන් සමාගමට අයත් MH 370 ගුවන් යානය සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මෙම මෙහෙයුම දින 90ක කාලයක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ඕෂන් ඉන්ෆිනිටි සමාගම මැලේසියා රජය සමග ඇති කර ගත් එකගතාවක් මත අදාළ සෝදිසි මෙහෙයුම සිදු කෙරේ.

යානය සොයා ගැනීමට නොහැකි වුවහොත් මැලේසියා රජයට කිසිදු ගෙවීමක් කිරීමට සිදු නොවේ. යම් හෙයකින් ඔවුන්ට එහි සුන්බුන් හමුවුවහොත් මැලේසියා රජයට එම සමාගමට ගෙවීමක් කිරීමට සිදුවනු ඇතැයි ද සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *