සපුගස්කන්ද සිදුවීම ගැන ඇමති සාගල නියමයෙන් විශේෂ විමර්ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) – සපුගස්කන්ද පොලිස් ස්ථානයේදී සිදුවූ බව කියන ජවිපෙ පළාත් සභා මන්ත්‍රී අශෝක රංවලගේ මහතා සම්බන්ධ සිද්ධිය ගැන පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට කොළඹ අපරාධ කොටඨාසයට (CCD)නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා නියෝග කර ඇත.

සපුගස්කන්ද අපරාධ අංශයේ ස්ථානාධිපතිට තර්ජනය කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී අශෝක රන්වල මහතා අද (05) අත්අඩංගුවට ගෙන තිබුණි.

නමුත් මන්ත්‍රීවරයා පවසා සිටියේ සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් ප්‍රදේශයේ තරුණයෙකු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ දී තමාට ඉතා බරපතළ ලෙස පහර දුන් බවය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලික වාර්තාව හෙට පෙරවරු 11 වන විට ලබා දෙන ලෙසත් කොළඹ අපරාධ කොටඨාසයට අමාත්‍යවරයා දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven − 5 =