දරුණු කාලගුණ තත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ පිරිසක් එවරස්ට් ගවේෂණයක

(කොළඹ, ලංකාපුවත්) – දරුණු කාලගුණ තත්වයක් යටතේ එවරස්ට් ගවේෂණයක් සිදු කර ඇති ශ්‍රී ලංකාවේ කණ්ඩායමක් පිළිබඳ තොරතුරු වාර්තා වේ.
Java Institute PCJT Software Engineering Everest Team කණ්ඩායම මෙලෙස එවරස්ට් තරණය කර ඇති අතර මේ දක්වා කිසිදු විශ්ව විද්‍යාලයක් දෙසැම්බර් මාසය තුල මෙම කඩයිම පසුකර නොමැති බව වාර්තා වේ.

ඔවුන් 2017 ජනවාරි 10 දින දිවයිනට පැමිණීමට නියමිතය.

ඒ සඳහා ඔවුන්ට සැලසුම් කල දිනට වඩා දින 10ක් මේ සදහා වැයවී ඇති අතර ඔවුන්ට ඇති දරුණුතම අභියෝගය වී ඇත්තේ “Altitude Sickness” ය. එය උන්නතංශ වෙනස නිසා ද අඩු OXYGEN මට්ටම නිසාද ඇතිවේ.

මේ වන විට ඔවුන් සිටින ප්‍රදේශය තුල සාමාන්‍ය උෂ්ණත්වය සෙල්ෂියස් අංශක සෘණ( -16) ත් සෘණ(- 20) ත් අතර අගයක් ගන්නා අතර ඔක්සිජන් මට්ටම මුහුදු මට්ටමේ ඔක්සිජන් ප්‍රමාණයෙන් 35% – 40% ප්‍රමාණය දක්වා අඩුවී ඇතැයි වාර්තා වේ.

Isalnd Peak තරණයේදී රාත්‍රී කාලයේදී හිම කුණාටුවකට මුහුණදීමට ඔවුන්ට සිදුවී ඇති අතර මේ වන විට ඔවුන් පහත සදහන් කදු මුදුන් සාර්ථකව තරණය කර ඇත.

1. Chhukung Ri (උස මීටර් 5550 )
2. Island Peak Base Camp (උස මීටර් 5600 )
3. Island Peak (උස මීටර් 6189 )
4. Gorak Shep(උස මීටර් 5140 )
5. Everest Base Camp (උස මීටර් 5364 )
6. Kalaphathar (උස මීටර් 5550 )
7. Cholar Pass (උස මීටර් 5368 )

මේ සදහා සහභාගී වී ඇත්තේ භාතිය තිසේරා ( කළමණාකාර අධ්‍යක්‍ෂක – Java Institute, එෂාන් ඕෂධ, දිල්ෂාන් නවින්ද සහ මනීෂ චන්දුල වේ.

එසේම 2018 අප්‍රේල් මස භාතිය තිසේරා මහතා එවරස්ට් කඳු මුදුන (උස 29029 ft.) තරණය කිරීමට නියමිත ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *