මොරගහකන්ද මහා වාරි ව්‍යාපෘතිය ජනපති අතින් ජාතියට දායාද කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –දශක හතරකට පසුව මෙරට ඉදිවූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය අද (08) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජාතියට දායාද කෙරිණි.

රජ රට ගොවි ජනතාවගේ කෘෂිකර්ම සහ පානීය ජල ප්‍රශ්නය විසදා එම ජනතාවගේ වසර ගණනාවක කදුථ කථාව නිමා කෙරෙන මොරගහහකන්ද මහා වාරි ව්‍යාපෘතිය විසි එක්වන සියවසේ ශ්‍රී ලංකාවේ ඉදි වූ වාරි විස්මිතය ලෙස නිම කර තිබේ.

මහවැලි පංච මහා ජලාශයන්ට අයත් අවසන් මහා ජලාශය වන මොරගහකන්ද ව්‍යාපෘතිය තුළින් අක්කර ලක්ෂ 3ක් අලූතින් අස්වද්දා පවුල් ලක්ෂ 15කට සෙත සැලසෙන අතර, පවුල් ලක්ෂ 3කට පිරිසිදු පානීය ජලය සැපයේ. මේ වන විට සම්පූර්ණයෙන් ජලයෙන් පිරී පවතින ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි හය ලක්ෂ හැට දහසක් වන අතර එය පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව මෙන් හය ගුණයකි.

රජ රට ගොවි ජනතාව වෙනුවෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දීර්ඝ කලක සිට දුටු සිහිනයක් වන මොරගහකන්ද ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2007 වසරේ ඇරඹුණ ද නිසි රාජ්‍ය අනුග්‍රහයක් නොලැබීම හේතුවෙන් එහි කටයුතු ප්‍රමාද විය. 2015 ජනවාරි 08 වනදින රාජ්‍ය නායකත්වයට පත් ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පෞද්ගලික කැපවීම සහ උනන්දුව මත ව්‍යාපෘතිය කඩිනම් කෙරිණි.

සමරු ඵලකය නිරාවරණය කර මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය. අනතුරුව මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ ජලාශයේ වාන් දොරටු විවෘත කරමින් රන් දියවර මුදා හැරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

සිනෝහයිඩ්‍රෝ චීන සමාගම විසින් ඉදිකිරීම් කටයුතු සිදුකර තිඛෙන ව්‍යාපෘතිය නිල වශයෙන් මෙහිදී ශ්‍රී ලංකා රජය වෙත භාරකෙරුණු අතර මහජන චීන සමූහාණ්ඩුවේ අතරතුර තානාපතිනි පන්ග් චුන්ශන් මහත්මිය විසින් ඊට අදාළ සංදේශය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූවාය.

මෙගා වොට් 25ක විදුලි බල ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්කරන විදුලි බලාගාරයේ කටයුතු ද මේ හා සමගාමීව ආරම්භ කෙරිණි.

නකල්ස් කදු නිම්නයේ සිට අඹන් ගග හරහා ගලා ගිය ජල කද හරස් කර මොරගහකන්ද ජලාශය ඉදිකර තිඛෙන අතර මොරගහකන්දට යාබදින් ගලා බසින කථගග හරස්කර ඉදිවන නව ජලාශයේ ජලය ද මොරගහකන්දට සපයනු ලබයි. ශ්‍රී ලංකාවේදී දැකිය හැකි ගල් පිරවූ ප්‍රධාන වේල්ලක්, කොන්ක්‍රිට් කරන ලද වේල්ලක් මෙන්ම පස් වලින් සෑදු වේල්ලක් යන වේලි තුනකින් යුත් එකම ජලාශය මොරගහකන්ද ජලාශය වීම ද විශේෂත්වයකි.

මොරගහකන්ද – කථගග ව්‍යාපෘතිය යටතේ උතුරුමැද, වයඹ හා නැගෙනහිර පළාත්වල ලොකු කුඩා වැවි 2000 කට අලූත් දියවර සැපයේ. ඒ අනුව වයඹ පළාතේ වැව් 303කට සහ උතුරුමැද පළාතේ වැව් 1600 කට ජලය සැපයෙන අතර නව ලග්ගල හා මැදිරිගිරිය ප්‍රදේශයේ ඉදිකරන නව නගරය හා නව ජනපදවල අලූත් වැව් 48 ක් ඉදිකරනු ලැබේ.

ව්‍යාපෘතිය හේතුවෙන් නාඋල හා ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල අවතැන්වන පවුල් 3500 ක් පමණ මේ වන විට නැවත පදිංචිකිරීම් සිදුකරමින් පවතින අතර, දේපළ අහිමිවීම් සදහා වන්දි මුදල් ලබාදීම සිදුකරමින් පවතී.

ජලාශයෙන් අපේක්ෂිත මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන ධාරිතාව වාර්ෂිකව ටොන් තුන් දහසක් වන අතර එම`ගින් අපේක්ෂිත වාර්ෂික ආදායම රුපියල් මිලියන 225කි.

මොරගහකන්ද ජලාශය ආශී්‍රතව වාර්ෂිකව ඇදහැළෙන වර්ෂාපතනය ඝණ මීටර් මිලියන 818 ක් වන අතර එම මහා ජල කද මුහුදට ගලායෑම වළකා ජලාශයේ ර`දවා ගැනීම හේතුවෙන් මනම්පිටිය හා සෝමාවතිය ප්‍රදේශවලට වාර්ෂිකව ඇතිවන ගංවතුර තත්ත්වය අවම කිරීමට ද මෙම ව්‍යාපෘතිය තුළින් හැකියාව ලැබේ.

පළාත් තුනක වෙසෙන දහස් ගණනක් ගොවි පවුල් සදහා ඝෘජු ආර්ථීක වටිනාකමක් සැලසෙන මොරගහකන්ද කථගග වාරි ව්‍යාපෘතිය තුළින් මුථමහත් ජාතියටම හිමිවන ප්‍රතිලාභය අති මහත්ය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරුන් ද, රාජ්‍ය නිලධාරින් සහ දෙස් විදෙස් සම්භාවනීය ආරාධිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *