මැතිවරණයේ ආරක්ෂාවට STF සහ ත්‍රිවිධ හමුදාව

(කොළඹ, ලංකාපුවත්) – මැතිවරණයේ ආරක්ෂක කටයුතු සදහා පොලිස් විශේෂ කාර්යය බලකායේ සහ ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාව යොදා ගැනිමට අවධානය යොමුව ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කරයි.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ගාල්ල ප්‍රදේශයේ පැවති දැනුවත් කිරිමේ වැඩසටහනකට එක්වෙමින් මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසීය.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේ ඕනෑම පාර්ශවයකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමේදී මධ්‍යස්ථව කටයුතු කිරිමේ වගකීම සෑම පොලිස් නිළධාරියෙකුටම සතු බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *