කළුතර වැලිපැන්න ප්‍රදේශයේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත කළාපයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ප්‍රථම ඖෂධ නිෂ්පාදන කර්මාන්ත කළාපය ඉදිකිරීම සඳහා ගිවිසුම් අත්සන් කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) රාත්‍රී බත්තරමුල්ල වෝටර්ස් ඒජ් පරිශ්‍රයේ දී පැවැත්විණි.

එම කර්මාන්ත කළාපය කළුතර වැලිපැන්න ප්‍රදේශයේ ඉදි කෙරේ.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසින් එහි නිෂ්පාදනය කරන ඖෂධ මිලදී ගැනීමට නියමිතය.

මැලේෂියානු සමාගමක් සහ B.P.C. හෙල්ත් කෙයා ආයතනය මෙම කර්මාන්ත කලාපය තුල ඖෂධ නිෂ්පාදන කිරීමට ගිවිසුම් අත්සන් කරන ලදී. B.P.C. හෙල්ත් කෙයා ආයතනය ඉවත ලන රුධිර ප්ලාස්මා භාවිතා කරමින් ඖෂධ නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත.

මැලේෂියානු සමාගම වෙනුවෙන් ප්‍රැටික් ලීන් මහතාද, B.P.C. හෙල්ත් කෙයා ආයතනය වෙනුවෙන් වෛද්‍ය Jayg මහතාද ගිවිසුම් අත්සන් කල අතර රාජය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව වෙනුවෙන් එහි සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර මහතා විසින් ගිවිසුම් වලට අත්සන් කරන ලදී.

මෙම ව්‍යාපෘතියේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 10 ඉක්මවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 + 11 =