කාලගුණික දෝලනය ගැන සාකච්ජාවට නියෝජිතයින් එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –බෙංගාල බොක්ක ආශ්‍රිත කාලගුණික දෝලනය පිළිබඳ Monson intra – Seasonal oscillation conference on oceanogrphy of bay of Bengl ජාත්‍යන්තර සමුළුව හෙට (10) පැවැත්වේ.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන්ග්‍රෑන්ඩ් හෝටලයේ දී එය පැවැත්වෙනු ඇත. රටවල් රැසක නියෝජිතයන් මීට එක්වීමට නියමිතය.

පසුගිය කාල පරිච්ජේදය තුළ මෙරටට මෙන්ම අප අවට කලාපය තුළ රටවල් මුහුණ පෑ කාලගුණික විපර්යාසයන් සඳහා බලපෑ ප්‍රධානතම කාරණය වන්නේ බෙංගාල බොක්ක ආශ්‍රිත කාලගුණික දෝලනයයි. විශේෂයෙන් බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශ හරහා ගමන් කරන කාලගුණික රටවන්වලට මෙම කාරණයට සෘජුවම සම්බන්ධ වන අතර ඒවා මෝසම් දෝලනයන් ලෙස හඳුන්වයි.

මෙවැනි කාලගුණික දෝලනයන් පිළිබඳව නාරා ආයතනය ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම් විශේෂ සැළකිල්ලක් දක්වන අතර අමෙරිකා එක්සත් ජනපදයේ නොට්‍රිඩේම් විශ්ව විද්‍යාලයත්, ශ්‍රී ලංකාවේ නාරා ආයතනයත් එක්ව ඒකාබද්ධ බෙංගාල බොක්ක ආශ්‍රිත අන්තර් කාලීන කාලගුණික දෝලනයන් පිළිබඳව Monson intra – Seasonal oscillation conference on oceanogrphy of bay of Bengl විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ.

ඉන්දියානු සාගර කලාපයේ මෝසම් වර්ෂාව ඇති වීම, අධික ගංවතුර, නියඟය, නායයාම් වැනි ස්වාභාවික ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් මෙම සමුළුවේ දී ගන්නා තීරණ හා අත්දැකීම් බෙදා හදා ගැනීම වැදගත් වේ. විදිමත් පරිදි කාලගුණික අනාවැකි ප්‍රකාශයට පත් කිරීම මෙන්ම ස්වභාවික ආපදා කළමනාකරණය සඳහා ප්‍රතිපත්ති සම්පාදනය, බෙංගාල බොක්ක ආශ්‍රිත කාලගුණික දෝලනය හඳුනාගැනීම මගින් ධීවර කර්මාන්තයට මෙන්ම වෙනත් නාවික කටයුතුවලට ද විශාල පිටුබලයක් ලැබෙනු ඇතැයි, නාරා ආයතනය පවසයි.

මේ සම්බන්ධයෙන් වන සැලසුම් කිරීමේ අවබෝධතා ගිවිසුමට 2017 වසරේ දී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අමෙරිකවේ නොට්‍රිඩේම් විශ්වවිද්‍යාලයේදී අත්සන් තැබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *