රුධිර පරිත්‍යාග කරන ලෙස ජනතාවගෙන් ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –ඩෙංගු සහ වෙනත් රෝග තත්ත්වයන් හේතුවෙන් සෑම වසරකදීම ගබඩාගත රුධිර ප්‍රමාණය අඩුවන බැවින් රුධිරය පරිත්‍යාග කරන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සදහන් කළේ සෑම වසරකම ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුල රුධිරය පරිත්‍යාග කිරීම ද අවම වන බවය.

එම නිසා රුධිරය හිගයක් ඇතිවිය හැකි බැවින් රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් කඩිනමින් රුධිරය පරිත්‍යාග කර ගැනීමට සිදුව ඇති බව අධ්‍යක්ෂවරයා සදහන් කළේය.

එම නිසා නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට හෝ ලගම පිහිටි රෝහලේ රුධිර මධ්‍යස්ථානයට පැමිණ රුධිරය පරිත්‍යාග කරන ලෙස අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටි.

වැඩිදුර විස්තර සදහා වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා – 0777 586 596

Leave a Reply

Your email address will not be published. Required fields are marked *