ජනපති ඓතිහාසික ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගනී

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (10) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශී‍්‍ර මහා බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

උන්වහන්සේ මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා වෙත සිය ආශිර්වාද පළ කළේය.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාලද සිල්වා, සුසිල් පේ‍්‍රමජයන්ත, දුමින්ද දිසානායක. මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *