දෙවුන්දර ගැඹුරු මුහුදේදී බහුදින යාත්‍රාවක් නැවක ගැටෙයි

(කොළඹ, ලංකාපුවත්) – දෙවුන්දරට ඔබ්බෙන් වූ මුහුදේ රථ වාහන ප්‍රවාහන නෞකාවක බහුදින ධීවර යාත්‍රාවක් ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් එක් අයෙකු අතුරුදන්ව තිබේ.

දෙවුන්දරට මුහුදු සැතපුම් 13ක් දුරින් මෙම අනතුර සිදුව ඇති බව නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා පැවසීය.

බහුදින ධීවර යාත්‍රාවේ සිටි 3 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ.

නාවික හමුදා ප්‍රකාශකවරයා පැවසුවේ, අතුරුදන් වූ ධීවරයා සොයා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක බව ය. ඒ සඳහා ඩෝරා යාත්‍රා 2ක් යොදවා ඇත.

අදාළ වාහන ප්‍රවාහන නෞකාව චෙන්නායි සිට කොළඹ වරායට සේන්දු වී හම්බන්තොට වරාය බලා යාත්‍රා කරමින් තිබුණි.

අනතුරට පත් බහුදින ධීවර යාත්‍රාව ඉකුත් 05 වන දා හික්කඩුව ධීවර වරායෙන් මුහුදු ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *