ලංකාව-හොලිවුඩ්-බොලිවුඩ් එක්කොට අති දැවැන්ත චිත්‍රපටයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව, බොලිවුඩ් – හොලිවුඩ් එක් කරන අති දැවැන්ත නිර්මාණයක් මේ වසරේ වැඩ ආරම්භ කිරීමට නියමිත බව වාර්තාවේ. ඒ සම්මානනීය සිනමාවේදී ප්‍රසන්න විතානගේ වෙතිනි.

නිරන්තරයෙන්ම තම සිනමා කෘතීන් වෙනස් තේමාවන් ඔස්සේ නිර්මාණය කරන ප්‍රසන්න මෙවර කතිකා කෙරෙනුයේ තවත් එවන් වූ අපූර්ව මාතෘකාවක් ගැනය. මෙම චිත්‍රපටය නම් කොට ඇත්තේ ‘ගාඩි’ යනුවෙනි.

‘ගාඩි’ නිෂ්පාදනය කරනුයේ මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් සමඟ සුප්‍රකට හොලිවුඩ් චිත්‍රපට සමාගමක් සහ සුප්‍රකට බොලිවුඩ් සිනමා සමාගමක් එකමුතුවෙනි.

එම රටවල්හි ද තිරගතවීමට සූදානමින් පවතින ගාඩි සිනමාපටයේ ප්‍රධාන චරිතය සඳහා තෝරාගෙන ඇත්තේ හේමාල් රණසිංහයි. ගාඩි චරිතය වෙනුවෙන් හේමාල්ගේ ස්වරූපය වෙනස් කර ගනිමින් රංගනයේ යෙදෙයි.

මෙම චරිතය නිසා හේමාල් චිත්‍රපට 12 ක් ප්‍රතික්ෂේප කොට තිබේ. ළඟදීම රූගත කිරීම් ඇරැඹීමට නියමිත ගාඩි සඳහා නළු නිළියන් තේරීම මේ දිනවලදී සිදු වෙමින් පවති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten + four =