සිව්දෙනෙකුට දිවි අහිමි කල කොකාවිල් මාරක රිය අනතුර

(කොළඹ, ලංකාපුවත්) – මාන්කුලම් පොලිස් වසමේ කොකාවිල් ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරකින් සිව්දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (09) රාත්‍රි 8.15ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කළේය.

මහනුවර යාපනයේ මාර්ගයේ කොකාවිල් ප්‍රදේශයේදී යාපනය දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ ලොරියක පිටුපස ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ ගමන් කල රියදුරු සහ තවත් සිව්දෙනෙක් ප්‍රතිකාර සදහා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කිරීමේ දී පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තිබේ.

මෘත ශරීර මේ වන විට කිලිනොච්චිය රෝහලේ තබා ඇත.

අනතුර සම්බන්ධයෙන් ලොරියේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාන්කුලම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 + 2 =