උතුරේ මත් උවදුර නසන්න විශේෂ පොලිස් කණ්ඩායමක්

(කොළඹ, ලංකාපුවත්) – යාපනය පුරා ඉතා සීඝ්‍රයෙන් පැතිර යන මත්ද්‍රව්‍ය උවදුර වහාම මැඩ පැවැත්වීම සදහා විශේෂ පොලිස් කණ්ඩායමක් යාපනයට ඉල්ලා සිටීමේ යෝජනාවක් උතුරු පළාත් සභාවේදී සම්මත වී තිබේ.

උතුරු පළාත් සභාවේ 115 වෙනි සැසිවාරයේදී ඒ.ආසීම් මන්ත්‍රීවරයා විසින් සභාවට ඉදිරිපත් කරණ ලද මෙම යෝජනාව සම්මත වි ඇති බව වාර්තාවේ.

ඒ අනුව ප්‍රධාන අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ පළාත් සභාවේ ලේකම්වරයා විසින් මෙම යෝජනාව හා ඉල්ලීම පිළිබදව ලිපියක් පොලිස්පතිවරයාට යැවිය යුතු බවය.

මන්ත්‍රීවරයා යෝජනාව ඉදිරිපත් කරමින් ප්‍රකාශ කොට ඇත්තේ යාපනයේ පාසල් සිසුන් පවා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කිරීමට තරම් මත්ද්‍රව්‍ය අලෙවි කරණ ව්‍යාපාරිකයින් කූඨ අන්දමට නිපැයුම් නිෂ්පාදනය කොට ඇති බවය.

පාසල් ළමයින් කැමති වන ආකාරයට ටොෆි, බුලත් විට, චුයින්ගම් වශයෙන් මත්ද්‍රව්‍ය ඇතුළත් නිෂ්පාදන දැන් යාපනයේ වෙළදපලට පැමිණ ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා යාපනය පොලීසිය මගින් ඒවා අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කලද යාපනයේ පොලිස් නිලධාරීන්ට ඇති කාර්ය ප්‍රමාණය ඉතා අධික බැවින් මත්ද්‍රව්‍ය මැඩලීම සදහා පමණක් විශේෂිත වූ පොලිස් කණ්ඩායමක් යාපනයට යෙදවිය යුතු බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *