කොළඹ සිට වනාතවිල්ලූවට අධිවේගී දුම්රිය මාර්ගයක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ සිට වනාතවිල්ලූව දක්වා අ‎ධිවේගී දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට පියවර ගන්නා බව වාරිමාරග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

මෙම මාර්ගය ඉදිකිරීමට අදාල සක්‍යතා අධ්‍යනය මේ වසර තුළ සිදු කිරීමට නියමිතය. ප‍්‍රවාහන පද්ධතිය සවිබල ගැන්වීමේ වැඩපිළිවෙල යටතේ මෙම ඉදිකිරීම සඳහා යෝජනා ඉදිරිපත් කර තිබේ.

වනාතවිල්ලූව ප‍්‍රදේශයේ ඊයේ (10) පැවැති ජනහමුවකදී අමාත්‍ය පාලිත රංගේ බණ්ඩඩාර මහතා මේ බව පැවසීය.

මෙම දුම්රිය මාර්ග පද්ධතියේ ඉදිකිරීම්වලට සමගාමීව මහව සිට ආණමඩුව හරහා නොරොච්චෝලේ දක්වා තවත් ශාකා දුම්රිය මාර්ගයක්ද ඉදිකිරීමට නියමිතය.

වසර කිහිපයකට අදාලව ව්‍යාපෘතිය සැලසුම් කරන අතර එහි දිගු කාලීන ව්‍යාපෘතිය වන්නේ කොළඹ, පුත්තලම, ආණමඩුව, මහව හරහා ති‍්‍රකුණාමලය දක්වා අධිවේගී දුම්රිය මාර්ගයක් ඉදි කිරීමයි.

අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ ව්‍යාපෘතියට අදාල සක්‍යතා අධ්‍යනය අවසන් කිරීමෙන් අනතුරුව ඒ ඒ ඉදිකිරීම් සඳහා වෙන් කළ යුතු කාල සීමාවන් ප‍්‍රකාශයට පත් කළ හැකි බවයි.

මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතිය මගින් ආණමඩුව ඇතුළු තදාසන්න ප‍්‍රදේශ වෙත සංවර්ධනයේ ප‍්‍රතිලාභ අත්කර දිය හැකි බවද ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 3 =