ශක්තිමත් ආයෝජන වෙළෙදපොළක් තුළින් විරැකියාව ඉවතට – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ශක්තිමත් ආයෝජන වෙළෙදපොළක් ගොඩනැගීමෙන් මෙරට විරැකියාව තුරන් කළ හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ට්‍රිනිටි ස්ටිල් පුද්ගලික සමාගම ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. ට්‍රිනටි ස්ටිල් සමාගම රෙට ස්ථාපිත කෙරුණේ 2015 වසරේදී.

වසර 3ක් ඇතුළත එහි සියලු ඉදිකිරීම් නිම කර නව තාක්ෂණික උපාංග සවිකර තිබේ. අති නවීන තාක්ෂණය යොදා ගනිමින් යකඩ, වාහන අමතර කොටස් සහ ඉදිකිරීම් සඳහා වන යකඩ ආශ්‍රිත නිෂ්පාදන මෙහි සිදු කෙරේ.

ඒවා මෙරට ප්‍රයෝජනයට ගැනීමට අමතරව විදේස් රටවලට අපනයනය කිරීම ද සිදු වේ. සමාගමේ නිෂ්පාදන හා සේවා තවදුරටත් පුළුල් කරන බව ආයතන පරිපාලනය ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × five =