විමල් වීරවංශට අධි චෝදනා සහ අධිකරණයෙන් ඇප

(කොළඹ, ලංකාපුවත්) –පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට දූෂණ චෝදනා සම්බන්ධයෙන් අධි චෝදනාපත්‍ර භාරදී ඔහු ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.

වසර 6ක් තුළ සිය ආදායමෙන් උපයාගත නොහැකි රුපියල් මිලියන 75ක් වටිනා මුදල් සහ දේපළ අයථා ආකාරයට උපයා ගත් බවට ඔහුට අධි චෝදනා එල්ල වී ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව මෙම නඩුව පවරා තිබේ.

එය අද(11) විභාගයට ගත් අවස්ථාවේ වීරවංශ මහතාට අධි චෝදනා පත්‍ර භාර දී ඇප මත මුදා හැරුණේ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මතය.

නඩුව පෙබරවාරි 19 වනදා යළි කැදවීමට ද නියමිතය.

විමල් වීරවංශ මහතා 2009 වසරේ සිට 2014 වසර දක්වා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ සිය ආදායමෙන් උපයා ගත නොහැකි මුදල් හා දේපළ උපයා ගෙන ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කරනු ලැබේ. සිද්ධීන් 39 ක් යටතේ අධිචෝදනා ගොනු කර ඇති අතර ඉඩම් සහ වාහන මිලදී ගැනීමේ සිද්ධීන් මෙන්ම බැංකු ගිණුම්වල මුදල් තැන්පත් කිරීම්ද ඒ අතර වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *