උතුරු කොරියාව සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව ජනපති ට්‍රම්ප් කියයි

(කොළඹ, ලංකාපුවත්) – උතුරු කොරියාව සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.

දකුණු කොරියා ජනාධිපති මූන්ජේ ඉන් සමග පැවති දුරකථන සංවාදයක් අතරතුර අමෙරිකා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර සාකච්ඡා පවත්වා දිනකට පසුව මෙම දුරකථන සංවාදය සිදුව තිබේ. දකුණු කොරියා ජනාධිපතිවරයා උතුරු කොරියාව සමග කළ සාකච්ඡාවල ප්‍රතිඵල අමෙරිකා ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

මෙම සාකච්ඡා සඳහා දෙපාර්ශ්වය යොමු කිරීමට අමෙරිකාව කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරන ලදි.

අමෙරිකාවේ සහ දකුණු කොරියාවේ නායකයින් දෙදෙනා උතුරු කොරියාවට උපරිම පීඩනයක් එල්ල කිරීමේ වැදගත්කම අවබෝධ කරගෙන ඇති බව ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *