තහනම් පොලිතින් අලෙවි කෙරෙන වෙළෙඳසැල් වැටලීමේ වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – තහනම් පොලිතින් නිෂ්පාදන අලෙවි කෙරෙන වෙළෙඳසැල් වැටලීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

තහනම් කර ඇති පොලිතින් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කරන්නන් නීතියේ රැහැනට කොටුකර ගැනීමේ මෙහෙයුම් ඒ අනුව ක්‍රියාත්මක ය.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ එවැනි පොලිතින් තොග වශයෙන් අලෙවි කළ වෙළඳසැල් දෙකක් වැටලීමට එම අධිකාරිය කටයුතු කර තිබේ.

පොලීසියේ සහාය ද මීට ලැබී තිබුණි. අදාළ පොලිතින් සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර මෙම වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *