මත්පැන් මිල දී ගැනීමට කාන්තාවන්ට තිබූ තහනම ඉවතට

(කොළඹ, ලංකාපුවත්) –මත්පැන් නිෂ්පාදනය කරන සහ අලෙවි කරන ස්ථානවල කාන්තාවන් රැකියාව සඳහා යොදා ගැනීමට හා කාන්තාවන්ට මත්පැන් මිල දී ගැනීම සඳහා මෙතෙක් පැවැති තහනම ඉවත් කර ඇත.

මෙම නියමය සඳහා සුරාබදු ආඥා පනත යටතේ වන විශේෂ ගැසට් නිවේදනයට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉකුත් 10වනදා අත්සන් තැබීය.

ඒ අනුව මත්පැන් නිෂ්පාදනය කරන සහ අලෙවි කරන ස්ථානවල රැකියා කිරීමට සහ මත්පැන් මිල දී ගැනීමට කාන්තාවන්ට අවස්ථාව සැලසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *