යාපනය විශ්ව විද්‍යාලයේ සිසු ගැටුමක්

(කොළඹ, ලංකාපුවත්) – යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබෙන අතර ඊයේ (11) පස්වරුවේ විශ්වවිද්‍යාලය භූමියේ මෙම ගැටුම හටගෙන ඇති බව සදහන් වේ.

විශ්වවිද්‍යාලයේ කලා අංශයේ තුන්වන හා හතරවන අංශවල සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇත.

ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් තිදෙනෙක් ප්‍රතිකාර සදහා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර තිබේ.

ගැටුම ඇතිවූ අවස්ථාවේ ඉතා උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර මේ වන විට තත්ත්වය පාලනය කර ඇති බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සදහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *