ආණමඩුව කාර්මික විද්‍යාලයේ සිහිනය සැබෑ වෙයි

(කොළඹ, ලංකාපුවත්) – යෝජිත ආණමඩුව කාර්මික විද්‍යාලයේ ඉදිකිරීම් මේ වන විට සිදු වෙමින් පවතී. මෙම විද්‍යාලය වෙනුවෙන් රජය වෙන් කර ඇති මුදල රුපියල් ලක්‍ෂ 3882 කි.

නව ලොවට ගැලපෙන පාඨමාලා හැදෑරීම මෙරට තරුණ තරුණියන් වෙත අවස්ථාව උදා කිරීම මෙහි අරමුණය.

පොතේ දැනුමට පමණක් සීමා නොවන ප‍්‍රායෝගිකව කුසලතාවන් වර්ධනය කර ගත හැකි පරිදි පාඨමාලා සකස් කිරීමට මෙම ව්‍යාපෘතිය යටතේ පියවර ගන්නා බවයි වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

ආණමඩුව නගරයට නුදුරින් ඉදි කෙරෙන මෙම කාර්මික විද්‍යාල භූමිය අක්කර ගණනාවකින් සමන්විත වන අතර, ලෝකයේ වැඩි ඉල්ලූමක් සහිත ක්‍ෂේත‍්‍ර මත පදනම් වෙමින් පාඨමාලා සකස් කිරීමටද නියමිත බවයි අමාත්‍යවරයා පැවසීය. ඔහු මේ බව කියා සිටියේ අදාල ඉදිකිරීම් පිළිබඳ විමසා බැලීමේ නිරීක්‍ෂණයකට ඊයේ (14) එක්වෙමිනි.

සිසු සිසුවියන් 500 ට පමණ එකවර පාඨමාලා හැදෑරීමේ පහසුකම්වලින් සමන්විත වන පරිදි ඉදිකිරීම් සිදු වේ. එමෙන්ම කී‍්‍රඩාංගනය, නේවාසිකාගාර ඇතුළු පහසුක රැුසක් මීට ඇතුලත්ය. සියළු ඉදිකිරීම් මේ වසර තුළ නිම කිරීම රජයේ අපේක්‍ෂාව බවද පාලිත රංගේ බණ්ඩාර මහතා සදහන් කළේය.

නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ තමන් මෙම යෝජනාව ඉදිරිපත් කළද ඒ සඳහා කැබිනට් අමාත්‍යවරයාගෙන් කිසිදු සහයෝගයක් හිමි නොවූ බවත් මෙම සම්පත් ආණමඩුවට උරුම කර දීමට වසර දෙකක කාලයක් තමන්ට මහ සටනක් කිරීමට සිදු වූ බවත් ඔහු පැවසීය. ජනතාවට සංවේදී නැති පුද්ගලයින් අමාත්‍යවරුන් ලෙස පත් වූ විට එවැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වන බවද පැවසූ රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේ තමන් අභියෝග ශමුවේ කිසිදාක නොසැලී ජනතාව වෙනුවෙන් වූ යුතුකම් ඉටු කිරීමට සෑම විටම පෙරට පැමිණෙන බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *