උසම සිතුවම නිර්මාණය කර ගිනස් පොතට සූදානම්වන ශ්‍රී ලාංකිකයෙක්

(කොළඹ, ලංකාපුවත්) – ලොව බොහෝ රටවල කලා කෘතීන්වල නිර්මාණකරු සොයා ගැනීම අසීරු කරුණක්. එහෙත්, ඇතැම්විට අප නොසිතන ආකාරයේ පුද්ගලයන් ලොව විශිෂ්ට නිර්මාණ කළ අවස්ථාවන් ඉතිහාසයේ දක්නට ලැබේ. මේ එවන් විශිෂ්ට නිර්මාණයකින් ලොව දිනන්නට අපේක්ෂා කරන අපේ රටේ කලාකරුවන් පිළිබඳව පුවතක්.

හොරණ සොරණවත්තේ පදිංචි 43 හැවිරිදි ප්‍රදීප් වඩුගේ වන ඔහු දෙදරු පියෙකි. කුඩා කල සිට සිතුවම් නිර්මාණයට සහජ හැකියාවක් දක්වන ප්‍රදීප් ලොව උසම සිතුවම් නිර්මාණය කර ගිනස් වාර්තාවක් පිහිටුවීමේ අපේක්ෂාවෙන් පසුවේ.

ඊට වැය වන මුදල උපයා ගැනීම සඳහා ඔහු අනුගමනය කරන්නේ තරමක වෙනස් ක්‍රමවේදයකි.

කලාව සිය ජීවන වෘත්තිය කරගත් මේ කලාකරුවා දිවයිනේ පාසල් තාප්ප ආශ්‍රිතව ජාතික වීරයින්ගේ රුව සිතුවම් කර ලබාගන්නා මුදලින් තම ජීවිකාව මෙන්ම ගිනස් වාර්තාවට අදාළ නිර්මාණය සඳහා මුදල් ද රැස්කර ගනු ලැබේ.

මේ වන විට දිවයිනේ පාසල් 300කට අධික සංඛ්‍යාවකට ඔහු සිතුවම් ඇඳ තිබේ.

ලෝකයේ ලොකුම සිතුවම් ලෙස ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ රුව සිතුවම් කිරීම තම එකම අපේක්ෂාව බවත්, දින 5කට අඩු කාලසීමාවක දී තට්ටු 13ක ගොඩනැගිල්ලක මෙය සිතුවම් කිරීමටත් සැළසුම් කර ඇති බවත් ඔහු සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × two =