ෆේස්බුක් වෙනස්කම් කිහිපයක්

(කොළඹ, ලංකාපුවත්) –ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට එහි පාලනාධිකාරිය සූදානමින් සිටි.

පවුලේ ඥාතීන් හා මිතුරන් අතර සබඳතා පවත්වාගෙන යාමට වැඩි ඉඩකඩක් ලබාදෙමින් නව වෙනස්කම් සිදුකිරීම ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ අරමුණය.

එහි ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් පවසන්නේ මෙම වෙනස්කම් ඉදිරි සති කිහිපය තුළ සිදුකරන බවය.

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ ජනප්‍රියත්වය අඩුවී ඇති බව අධ්‍යයනයකින් හෙළිවීමත් සමඟ මෙම වෙනස්කම් සිදුකිරීමට සැලසුම් කර ඇතැයි ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + two =