ජනපතිගේ ධූර කාලය වසර 05 යි

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05 කින් අවසන්විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇතැයි ජනාධිපති ලේකම්වරයා සදහන් කළේය.

තම ධූර කාලය වසර පහක්ද එසේත් නැත්නම් වසර හයක් ද යන්න තීරණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුම විසින් කර ඇති ඉල්ලීම පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීරණය ජනාධිපතිවරයා වෙත පසුගියදා යොමු කර තිබුණි

මීට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ විභාගය සිදුකරන ලද්දේ පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනි. එම විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ත් මහතා කටයුතු කළේය.

ඊට අමතරව ඊවා වනිසුන්දර, බුවනෙක අළුවිහාරේ, කේ.ටි. චිත්‍රසිරි හා සිසිර ද අබෘ යන මහත්වරු සෙසු විනිසුරුවන් ලෙස කටයුතු කරනු ලැබීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *