තුන්කොන් සටන අද ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා, බංග්ලාදේශ, සිම්බාබ්වේ තුන්කොන් එක්දින තරගාවලිය අද (15) ආරම්භ වේ.

තරගාවලිය ආරම්භ කරමින් ප්‍රථම තරගය ලෙස සිම්බාබ්වේ හා බංග්ලාදේශය අතර මීර්පූර් ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතය.

බංග්ලාදේශය හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහ යටතේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා පිල තරගාවලියකට සහභාගිවන අතර මේ පිළිබදව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.

අද තරගය මෙරට වේලාවෙන් පෙරවරු 11.30ට ආරම්භවීමට නියමිතය.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකා පිල මුහුණ දෙන ප්‍රථම තරගය ලබන 17 වනදා සිම්බාබ්වේ සමග පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *