LTTE තොරතුරු ඇතුලත් පොතක් කරන්දෙණියෙන් හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – පොලිස් විශේෂ කාර්ය බලකාය කරන්දෙණිය ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමකදී LTTE සංවිධානයේ විස්තර සහිත ද්‍රවිඩ භාෂාවෙන් රචිත පොතක් සොයාගෙන තිබේ.

ඊයේ (14) දිනයේදි පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකය විසින් කරන්දෙණිය මඩකුඹුර ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් සිදුකර ඇත.

එහිදි විදේශීය නිෂ්පාදිත ගිනි අවි 2ක් මෙරට නිෂ්පාදිත ගිනි අවි 2ක්,ජීව අත්බෝම්බයක් හා විවිධ වර්ගයේ පතොරම් 149ක්ද නිලධාරීන් භාරයට ගෙන ඇති බව සදහන්වේ.එමෙන්ම ද්‍රවිඩ භාෂාවෙන් රචිත LTTEසංවිධානයේ ලංඡනයෙන් යුත් විස්තර සහිත පොතක්ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබේ

මෙලෙස නීතිවිරෝධී ලෙස ගිනි අවි සහ අත්බෝම්බ ඇතුළු ආයුධ සන්තකයේ තබාගෙන සිටි සැකකරුද අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා කරන්දෙණිය පොලිසිය වෙත භාරදීමට පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 5 =