අයර්ලන්ත ජනප්‍රිය ගායිකාව හදිසියේ මියයයි

(කොළඹ, ලංකාපුවත්) – අයර්ලන්තයේ සුප්‍රසිද්ධ විකල්ප සංගීත කණ්ඩායමක් වන ක්‍රෑන්බෙරිස් කණ්ඩායමේ ප්‍රධාන ගායිකව වන ඩොලරෙස් ඕ රියෝඩන් හදිසියේ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිය යන විට ඇය 46 වන වියේ පසු විය.

ක්‍රෑන්බෙරිස් සංගීත කණ්ඩාය ලොවපුර ජනප්‍රියත්වයට පත් වූයේ 1993 වසරේ දී වන අතර එම කාලය තුළ ඔවුන් නිකුත් කළ පළමු ගීත ඇල්බමය ලොව පුරා මිලියන 40 කට අධික පිරිසක් මිලදී ගෙන තිබේ.

ඩොලරෙස් ඕ රියෝඩන්ගේ හදිසි මරණයට හේතුව මෙතෙක් ප්‍රකාශයට පත්ව නොමැත.

ඩොලරෙස් ඕ රියෝඩන් ගීත රචනයෙන් ද දායක වී ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − thirteen =