චීන ආධාර මත රෝහල් සංවර්ධනයට පියවර

(කොළඹ, ලංකාපුවත්) – චීන ආධාර මත රෝහල් රැසක් සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

ගම්පහ මීරිගම මුලික රෝහල සංවර්ධනය කිරීම පිළිබද විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විනි.

චීන රජයේ ආධාර යටතේ මෙම රෝහල සංවර්ධනය කිරීමට නියමිතය ඒ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 2000 කි. බාහිර රෝගී අංශය, හදිසි අනතුරු අංශය, රසායනාගාර සේවා, විකිරණ ඒකකය, රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ඇතුලත් සංකීර්ණයක් මෙහි ඉදිකිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

චීන රජයේ ආධාර යටතේ බේරුවල දර්ගා රෝහල, අලුත්ගම රෝහල, සමන්තුරෙයි රෝහල, එරාවූර්, පොතුවිල්, කරාපිටිය, පොළොන්නරුව, පදවිය, වලස්මුල්ල, කලවාන, මහියංගණය, රිකිල්ලගස්කඩ යන රෝහල් සංවර්ධනය කිරීමට සැළසුම් කර ඇත. ඒ සදහා වූ අමාත්‍ය මණ්ඩල සන්දේශය ඉදිරියේ දී ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න, අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු, අධ්‍යක්ෂවරු, බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් එක්ව සිටියහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 + 1 =