ජකර්තාහි ගොඩනැගිල්ලක මහලක් කඩා වැටේ – 72කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දුනීසියාවේ ජකාර්තා අගනුවර කොටස් වෙළෙදපොළ සංකීර්ණයේ සිදු වු අනතුරකින් හැත්තෑ දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුර සිදු වූයේ ගොඩනැගිල්ලේ පළමු මහලේ කොටසක් කඩාවැටීමෙනි. අනතුර සිදුවන අවස්ථාවේ පාසල් ළමයින් තිස් දෙනෙකු පමණ ඉහළ මහලේ රැඳී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එකවරම එහි කොටසක් පහළ සිටි අයගේ හිස්මතට කඩා වැටී තිබේ. තුවාල ලැබූවන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කර ඇත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.

මෙය ත්‍රස්ත ප්‍රහාරයකින් සිදුවූවක් නොවන බවත්, අනතුරට හේතුව තවමත් හඳුනාගෙන නොමැති බවත් ඉන්දුනීසියානු බලධාරීන් සදහන් කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *