පොල්ගහවෙල තදබදය නිමයි

(කොළඹ, ලංකාපුවත්) – පොල්ගහවෙල ගුවන් පාලම හෙට(17) ජනතා අයිතියට පත් කෙරේ.

ශ්‍රී ලංකාවේ ඇති දුම්රිය ස්ථාන අතරින් පොල්ගහවෙල දුම්රිය ස්ථානයට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකිත ප්‍රධාන මාර්ගයේ උඩරට දක්වා ගමන් කරන දුම්රියත් උතුරු මැද සහ නැගෙනහිර පළාත දක්වා ගමන් කරන දුම්රියක් වෙන් වන්නේ පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ දී ය. දිනකට මන්දගාමී දුම්රිය ගමන් වාර් 76ක් ගමන් කරන බැවින් මෙම දුම්රිය ස්ථානය අසල පොල්ගහවෙල – කෑගල්ල මාර්ගය දිනකට පැය 03කට ආසන්න කාලයක් වසා තැබේ.

මෙම ගැටළුවට පිළියමක් ලෙස අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාගේ උපදෙස් පරිදි මෙම ස්ථානයේ නව ගුවන් පාලමක් ඉදි කිරීම සදහා 2016 අප්‍රේල් මාසයේ දී මුල් ගල් තබන ලදි.

මංතීරු දෙකක් සහිතව රුපියල් මිලියන 2,20311ක ආයෝජනයකින් ඉදිකළ ගුවන් පාලමේ දිග මීටර 650කි.

පිවිසුම් මාර්ගයක් සහිතව මීටර 883ක දිගින් යුත් පොල්ගහවෙල ගුවන් පාලමේ ඉදිකිරීම් මාස 16ක් තුළ අවසන් කර තිබේ.

ඒ අනුව හෙට(17) අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පොල්ගහවෙල ගුවන් පාලම ජනතා අයිතියට පත් කෙරේ.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *