ලෝකය න්‍යෂ්ටික යුද්ධයකට ආසන්න බවට පාප් වහන්සේගෙන් ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) – න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීම පිළිබඳ තමාට බියක් ඇති බවත්, ලෝකය ඊට ඉතා ආසන්න බවත් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සදහන් කර ඇත.

චිලී සහ පේරු රාජ්‍යයන්වල සංචාරයක නිරතවීමට පෙර මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරුදෙමින් උන්වහන්සේ මේ බව පවසා තිබේ.

හවායි දූපත් වෙත පවතින මිසයිල අවධානම සම්බන්ධයෙන් පාප් වහන්සේ මෙම අදහස් පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේ නමුත් උතුරු කොරියාව සම්බන්ධයෙන් උන්වහන්සේ කිසිවක් සඳහන් කර නොමැති බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − 16 =