වසර 1100 ක් පැරණි සෙල්ලිපියක් අනුරාධපුරයෙන්

(කොළඹ, ලංකාපුවත්) – අනුරාධපුර – ලංකාරාම දාගැබේ සලපතල මළුවේ තිබී වසර 1100ක් පමණ පැරණි සෙල් ලිපියක් සොයා ගෙන ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ කණ්ඩායමක් ඇතුළු පිරිසක් විසින් සිදු කළ ගවේශනයකදී මෙම සෙල්ලිපිය සොයාගත් බව මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසීය.

ඔහු සඳහන් කළේ මෙමගින් අනුරාධපුර යුගයේ තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට හැකියාව ලැබෙන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *