සිංගප්පූරු අගමැති හා ඉන්දුනීසියානු ජනපති ලබන සතියේ දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –නිල සංචාරයක් සඳහා සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා සහ ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනයකට අනුව එම රාං්‍ය නායකයින් දෙදෙනා මෙලෙස සංචාරයක නිරතවනු ඇත.

සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය ලී ෂීයෑන් ලුං මහතා ලබන 22 වනදා මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. එසේම ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩා මහතා ජනවාරි 25වනදා දිවයිනට පැමිණීමට නියමිතය.

සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා දින දෙකක කාලයක් මෙරට රැදී සිටීමට නියමිත අතර එම කාලය තුළ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ මැති ඇමතිවරුන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

එසේම සිංගප්පූර් අගමැතිවරයා මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකාව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට (FTA) අත්සන් කිරීමට ද බලාපොරොත්තු වේ.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *