අපරාධ නිවරණය සදහා රාත්‍රියේ විශේෂ මෙහෙයුමක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ සියලුම පොලිස් බල ප්‍රදේශ ආවරණය වන පරිදි විශේෂ පොලිස් මෙහෙයුමක් ඊයේ(16) රාත්‍රී 10.00 සිට අද(17) අලුයම 02.00 දක්වා සිදු කළ බව පොලිස් මූලස්ථානය පවසයි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් අනුව එය දියත් කර තිබේ.

එහිදී විෂ මත්ද්‍රව්‍ය, නීති විරෝධී මද්‍යසාර වැටලීම් 762ක් සිදු කර ඇත.

එසේම රථවාහන නඩු 5,298ක්, බීමත්ව රිය පැදවීම් අත්අඩංගුවට ගැනීම් 802ක්, වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීම් 666ක්, විවිධ අපරාධයන්ට සැකපිට අත්අඩංගුවට ගැනීම් 695ක් සහ විවිධ අපරාධ සදහා අවශ්‍ය කරන පුද්ගලයින් 89ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මීට අමතරව නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීම් 02ක්, මත්පැන් පානය කර අශෝභන ලෙස හැසිරීම් හා වැලි සහ දැව වැටලීම් 81ක් සිදු කර ඇත.

 

 

 

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four − 2 =