දරුවන් 13දෙනෙකු රදවාගෙන සිටි මව්පිය යුවලක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ නිවසක තම දරුවන් දහතුන් දෙනා සිරකරගෙන පීඩාවට පත් කළ යුවළක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

51 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 49 හැවිරිදි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සිරකර සිටි දරුවන් වයස අවුරුදු දෙකත් විසිනවයත් අතර වයසේ පසුවන්නන් බව වාර්තා වේ.

සිය දෙමව්පියන් නිවසේ නොසිටි අවස්ථාවේ පළා ආ දස හැවිරිදි දැරියක් මේ පිළිබදව පොලීසියට දැනුම් දී තිබේ.

මොවුන් සියලු දෙනා මන්ද පෝෂනයෙන් පෙලෙන අතර ඉතා අපිරිසිදු තත්ත්වයේ සිටි බව පොලිසිය සදහන් කර ඇත.

දරුවන් වධ බන්ධනවලට ලක් කිරීමට හේතුව මෙතෙක් හෙළි වී නොමැත. බේරා ගත් දරුවන් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten + fourteen =