පාසල් බස් රථයක් අනතුරට ලක්වී 48කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – ජර්මනියේ බර්ලින් නුවරදී පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් අනතුරට ලක්වීමෙන් 48 දෙනෙක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

බර්ලින් නුවර ආසන්නයේදි මෙම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී තිබේ.

අනතුරින් 48 දෙනෙක් තුවාල ලබා ඇති අතර ඉන් 43ක්ම පාසල් ළමුන් බව වාර්තා වේ. මේ අතරින් 10 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව පැවසේ

කෙසේ වෙතත් තුවාල ලැබූවන් රෝහල් කරා රැගෙන යාමට හෙලිකොප්ටර් යානයක්ද යොදවා තිබේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 + six =