මුලතිව් මුහුදෙන් ගිය ධිවරයින්ට හමුවූ දේ

(කොළඹ, ලංකාපුවත්) – මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් මුහුදු තීරයෙන් මුහුදු ගිය ධීවරයින් පිරිසකට ඊයේ (16) සවස හඳුනානොගත් කලු පැහැති විශාල යකඩ බෝල 2ක් හමු වී ඇති බවට මුලතිව් ධීවර පරික්ෂක කාර්යාලය කියා සිටි.

කිලෝ ග්‍රෑම් 25 ක පමණ බරින් යුත් මෙම යකඩ බෝල දෙක කුමන කරුණක් හේතුවෙන් මුලතිව් මුහුදට පැමිණියේද යන්න මෙතෙක් සොයාගෙන නොමැත. අදාල යකඩ බෝල දෙක ධීවරයින් විසින් මේ වන විට මුලතිව් ධීවර පරික්ෂක කාර්යාලය වෙතට භාර දී ඇත.

අදාල යකඩ බෝල දෙක කිසියම් සාගර පරික්ෂණ කටයුත්තක් සඳහා භාවිතා කොට ඇති බවට මුලතිව් ධීවරයින් සැක පල කරන අතර අදාල යකඩ බෝල දෙක කුමක්දැයි යන්න පරික්ෂා කිරීමට අදාල බලධාරීන් වෙතට යොමු කිරීමටද මුලතිව් ධීවර පරික්ෂක කාර්යාල නිලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen + fourteen =