ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට අමෙරිකා ඩොලර් මිලියන 75 ක්

(කොළඹ, ලංකාපුවත්) – ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය හා රැකියා උත්පාදනය සඳහා වැදගත් වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සංවර්ධනය උදෙසා තවදුරටත් ආධාර කිරීම සඳහා අතිරේක මූල්‍ය ප්‍රතිපාදන සඳහා අමෙරිකා ඩොලර් මිලියන 75 ක් අනුමත කර ඇත.

එහි අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් මෙම අතිරේක මූල්‍ය ප්‍රතිපාදන ඊයේ (16) අනුමත කර තිබේ.

ප්‍රධාන වශයෙන් කොළඹ අගනගරයේ පිහිටා ඇති විශාල ව්‍යාපාරවලට වඩා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් අවධානය යොමු කර මෙම ප්‍රතිපාදන සපයනු ලැබේ.

මෙමගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය ලබා ගැනීමේ හැකියාවක් ඇත.

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 45% කට පමණ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දායකත්වය සපයනු ලැ‍බේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *