කාසියේ වාසිය ශ්‍රී ලංකාවට- පළමුව පන්දු රකී

(කොළඹ, ලංකාපුවත්) – බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද (17) පැවැත්වේ.

තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ දිවා රාත්‍රී තරඟයක් ලෙස බංගලාදේශයේ මීර්පූර් හිදී එම තරඟය පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර අවසන් වරට පැවති එක්දින තරගාවලිය 3 ට 2ක් ලෙස ජයගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.

තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පසුගියදා පැවැත්වූ අතර ‍‍‍එය කඩුළු 8කින් ජයග්‍රහණය කළේ බංග්ලාදේශ කණ්ඩායමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *