චීන ප්‍රකෝටිපතියෙක්ගෙන් ශ්‍රී ලංකාවට සහතිකයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව අයෝජනය සදහා ඉතා සුදුසු ගමනාන්තයක් බව චීනයේ යොවුන් ප්‍රකෝටිපතියෙක් වන කායි ෂියාආරු සදහන් කර ඇත.

ශ්‍රී ලංකාව ආයෝජක ගමනාන්තයක් ලෙස ආයෝජකයින් වෙත වඩාත් විවෘත හා මිත්‍රශීලී බව ඔහු ප්‍රකාශ කළේය.

චීනයේ “එක් එක් තීරය, එක් මාර්ගයක්” වැඩසටහන හඳුන්වාදීමත් සමග තවත් සෘජු ආයෝජකයින් ආකර්ශනය කර ගැනීමට ශ්‍රී ලංකාවට වඩා හොඳ අවස්ථාවක් තිබෙන බවද ඔහු පැවසීය. ශ්‍රී ලංකාවේ සුවිශේෂී භූගෝලීය පිහිටීම ද ඒ සදහා වැදගත් වනු ඇතැයි ඔහු පෙන්වා දී තිබේ.

මේවන විට ශ්‍රී ලංකාව තුළ ශීග්‍ර සංවර්ධනයක් දක්නට ලැබේ. රට තුළ ඇති ව්‍යාපාරික අවස්ථා බොහොමයක් පවතින බවත් ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන බව ෂියාආරු මහතා පැවසීය.

සංචාරක ක්ෂේත්‍රය, නිශ්චල දේපොළ, බලශක්තිය, ප්‍රවාහන වැනි ක්ෂේත්‍රවලට තමා උන්දුවක් දක්වන බවත් ශ්‍රී ලංකාවේ සුන්දර ප්‍රදේශවල සංචාරයට උනන්දුවක් බවද ඔහු සදහන් කර තිබේ.

කායි ෂියාආරු, ශ්‍රී ලංකාවේ සංචාරය කරන අතර තුර වරෙක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද හමුව ඇත. චීනයේ තරුණ ප්‍රකෝටිපතියෙන්ගෙන් එක් අයෙකු ලෙස ෂියාආරු හැදින්වේ.
ඔහුගේ වයස අවුරුදු 38 ක් වන අතර චීනයේ හත්වන තරුණ ප්‍රකෝටිපතියා ලෙස ‘ෆෝබ්ස් සඟරාව’ විසින් විසින් ශ්‍රේණිගත කර ඇත.

ඔහු චීනයේ චැංශාන්හි දහස් සංඛ්‍යාත ජනයා සේවයේ යොදවා ඇති දැවැන්ත කර්මාන්තශාලාවක් හිමිකාරීත්වය දරයි. එමෙන්ම ලොව විශාලතම RFID ටයිම්ස් හිමිකරු වන ටැන්ටා ස්මාර්ටෙක් කම්පැනි ලිමිටඩ් හි හිමිකාරත්වය ද මොහු සතුය.

 

 

 

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *