ආර්ථිකය ශක්තිමත් කිරීමේ සටනේ දී කිසිවිටෙකත් පසුබසින්නේ නැහැ – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ආර්ථිකය ශක්තිමත් කිරීමේ සටනේ දී කිසිවිටෙකත් පසුබසින්නේ නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

හොරණ, වගවත්ත ආයෝජන කලාපයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා ඊයේ(17) මේ බව සඳහන් කළේය.

වගවත්ත ආයෝජන කලාපයේ ඉදිකෙරෙමින් පවතින රිජිඩ් ටයර් කර්මාන්ත ශාලාව අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙම ව්‍යාපෘතියෙන් පමණක් රැකියා තුන්දහසක් බිහිවන බවයි.

වැඩිදුරටත් එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

” හැම තැනම මේ අලුත් ආර්ථිකය ආරම්භ කරගෙන යනවා..යටිතල පහසුකම් දීලා තියනවා…අපි ඉස්සෙලා මුදල් හොයා ගත්තේ පාරවල් වලට යටිතල පහසුකම් වලට ගෙවන්න..දැන් තමයි කර්මාන්ත ශාලා ආරම්භ කරගෙන යන්නේ..මේ යන ආයෝජන වේගය වැඩි වෙන්න වැඩි වෙන්න අපේ මේ ප්‍රදේශ විශාල විපර්යාසයන්ට ලක් වෙනවා..අපිට උවමනා ශක්තිමත් ආර්ථිකයක් ඇති කරන්න..ඒ ආර්ථිකයෙන් තමයි රැකියා ආදායම් මාර්ග බිහි කරන්න ඉන්නේ..මේ ව්‍යාපෘතිය පමණක් 3000කට රැකියා ලබලා දෙනවා..මේ සටනෙදී අපි ආපහු පස්සට යන්නෑ…අපි ඉදිරියට ගිහින් මේ ලංකාවේ ජනතාවට හොද අනාගතයක් ලබා දෙන්න…”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 + 17 =