එක්සත් ජාතික පෙරමුණේ මංගල රැළිය අද

(කොළඹ, ලංකාපුවත්) – පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව එක්සත් ජාතික පෙරමුණ විසින් පවත්වනු ලබන මංගල රැළිය අද (18) මහනුවරදී පැවැත්වේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පොදු වෙළදපොල ඉදිරිපිටදී මෙම රැළිය පැවැත්වේ.

මේ අතර බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිලිබඳව සොයාබැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

අදාළ වාර්තාව අධ්‍යනය කර ඒ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම කමිටුව පත් කරන බව අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 − four =