එක කොඩියක් යට ගමන් ඇරඹීමට උතුර හා දකුණු එකඟවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ලබන මස දී ඇරඹෙන ශීත සෘතු ඔලිම්පික් තරගාවලියේ ක්‍රීඩක පෙළපාලියේ දී එකම කොරියානු ධජයක් යටතේ එකට ගමන් කිරීමට, දකුණු කොරියාව එකඟවී තිබේ.

එහෙත්, ඔවුන් තරගාවලියේ දී තරග වදින්නේ, සිය රටේ ධජය යටතේ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. කාන්තා අයිස් හොකී තරගාවලිය සඳහා පමණක් දෙරටේ ක්‍රීඩිකාවන් එකම කණ්ඩායමක් ලෙස තරග වැදීමට තීරණය කර ඇත.

මෙසේ ඔවුන් එම තීරණවලට එළඹ ඇත්තේ, පන්මුන්ජම් සාම ගම්මානයේ පැවැත්වෙන සාකච්ජාවලදීය.

වසර දෙකකට පමණ පසුව කොරියානු රටවල් දෙක අතර පැවති ඉහළ පෙළේ සාකච්ජාව මෙය වේ. ශීත සෘතු ක්‍රීඩා උළෙල දකුණු කොරියාවේ දී ලබන මස 9 වැනිදා සිට 25 දක්වා පැවැත්වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *