කතරගම තත්ත්වය සමනය කර ගැනීමට ඇමති සාගල ෙගන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – කතරගම සිදුවීමෙන් ඇතිව තිබෙන තත්ත්වය සමනය කර ගැනීම සඳහා ප්‍රදේශවාසීන් සමඟ එක්ව කටයුතු කරන ලෙස පොලීසියට උපදෙස් දී ඇතැයි නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සිය නිළ ට්විටර් ගිණුම ( twitter ) ඔස්සේ සඳහන් කර ඇත.

කතරගම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට CID කණ්ඩායමක් යොමුකර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවද අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *