කතරගම වෙඩි තැබූ පොලිස් කොස්තාපල්වරයා රක්ෂිත බන්ධනාගාරයට

(කොළඹ, ලංකාපුවත්) – වෙඩිතැබීමෙන් කතරගම ප්‍රා⁣දේශිය සභාවේ සේවකයෙක් ජිව්තක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඊයේ (20) රාත්‍රියේ සිය සේවා මුරය නිමකොට මෙම ප්‍රාදේශීය සභා සේවකයා සිය යතුරුපැදියෙන් නිවස බලා ගමන් කර ඇති බව වාර්තා ෙව්.එහිදි රාත්‍රී මුර සංචාරයේ නිරතවී සිටි පොලිස් කොස්තාපල්වරයෙක් මොහුට යතුරුපැදිය නතර කරන ලෙස⁣ට අණකලත් මෙම පුද්ගලයා පොලිස් අණ නොතකා යතුරුපැදිය ධාවනය කොට අැත.

මෙලෙස අණ නොතකා යතුරුපැදිය ධාවනය කිරීම නිසා පොලිස් කොස්තාපල්වරයා වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි සදහන් ෙව්.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ප්‍රාදේශිය සභා සේවකයා ප්‍රතිකාර සදහා කතරගම මූලික රෝහලට අැතුලත් කලත් ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංච් මාර්ග සදහන් කලේය.මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ජිව්තක්ෂයට පත්වූයේ කතරගම නාගහවීදියේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

සිද්ධියට අදාල පොලිස් කොස්තාපල්වරයා පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.එහිදි අධිකරණය නියෝග කොට ඇත්තේ සැකකාර පොලිස් කොස්තාපල්වරයා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසය.

කෙසේ වෙතත් මෙම සිද්ධියට විරෝධය පලකරමින් ඊයේ (20) රාත්‍රියේ සිට මේ දක්වා ප්‍රදේශවාසීන් කතරගම පොලිසිය ඉදිරිපිටය රැස්වී මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරතවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *