සිරියාවට තුර්කියෙන් ගුවන් ප්‍රහාර

(කොළඹ, ලංකාපුවත්) – සිරියාවේ උතුරු ප්‍රදේශයේ කුර්දි ඉලක්ක වෙත තුර්කිය ගුවන් ප්‍රහාර එල්ල කොට තිබේ.

තුර්කි හමුදා බලධාරීන් කියා සිටින්නේ තුර්කි දකුණු සීමාවේ ඇප්‍රීන් ප්‍රදේශයේ සිටින ත්‍රස්තවාදී කණ්ඩායම් මුලිනුපුටා දමන බවයි. මෙම ප්‍රදේශයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට දින දෙකකට ප්‍රථම තුර්කි හමුදා ෂෙල් ප්‍රහාර එල්ල කළේය.

ඊයේ (20) සිට ගුවන් ප්‍රහාර මෙහෙයවන බවය තුර්කි බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර අැත.

ගුවන් ප්‍රහාර වලට අමතරව ගොඩබිමින්ද හමුදා මෙහෙයුමක් දියත් කොට තිබෙනවා.මේ අතර ගුවන් ප්‍රහාරවලින් 9 දෙනෙක් මියගිය බව සිරියානු කුර්දි මහජන ආරක්ෂක ඒකකය හෙවත් හෙවත් PG ත්‍රස්ත සංවිධානය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *