(කොළඹ, ලංකාපුවත්) –කතරගම නගරයේ කලහකාරී ලෙස උද්ඝෝෂණය කළ 58 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබේ.
ඊයේ (21) උදෑසන සිට දහවල් දක්වා පැවැත්වූ උද්ඝෝෂණයේ දී මාර්ගයන් අවහිර කිරීමල මාර්ගයට අලාභ හානි සිදු කිරීමල පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදු කිරීමල පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා සිදු කිරීම සම්බන්ධයෙන් කාන්තාවන් 13 දෙනෙකු හා පිරිමි පුද්ගලයන් 45 දෙනෙකු අත්අඩංගුවට ගැනුණි.
අනතුරුව ඔවුන් තිස්සමහාරාම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප හා ඇප කොන්දේසි කිහිපයක් මත මුදා හැර ඇත.
ඔවුන් ලබන 28 සිට සෑම මසකම අවසන් ඉරු දින කතරගම පොලීසියේ පෙනී සිට අත්සන් කළ යුතුයග නැවත කළහකාරී ලෙස හැසිරුනහොත් බන්ධනාගාර ගත කිරීමට ක්රියා කරන බවද අධිකරණය දැනුම් දී ඇත.
එමෙන්ම මියගිය තැනැත්තාගේ මෘත දේහයේ අවසන් කටයුතු නිම කරන තෙක් මෙවැනි කලහකාරී සිදුවීම් නොවීමට වග බලා ගත යුතු බව ද අධිකරණය දැනුම් දී තිබේ.