තැපැල් ඡන්ද විමසීම ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ රාජකාරි කටයුතු සඳහා සෘජුව දායකවන රජයේ නිළධාරින්ගේ තැපැල් ඡන්දය සලකුණු කිරිම අද (22) දිනයේ සිදු කිරිමට නියමිතව තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ පොලිස්ථාන, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාලවල දී ඡන්ද සලකුණු කිරීම සිදු කෙරෙන බවය.
සෙසු රාජ්‍ය ආයතනවල ඡන්ද සලකුණු කිරීම ලබන 25 සහ 26 දෙදින සිදුකිරීමට නියමිතය.

ඒවා නිරීක්ෂණයට එම කාර්යාලයන්හි සේවය කරන පක්ෂ නියෝජිතයින්ට අවස්ථාව හිමිනොවේග ඒ සඳහා දේශපාලන නිරීක්ෂණ සංවිධාන හා ස්වාධීන කණ්ඩායම්වලින් එක් නියෝජිතයෙකුට සහභාගී විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

තැපැල් ඡන්ද භාවිත කිරීමට මෙවර සුදුසුකම් ලබා සිටින පිරිස පන් ලක්ෂ හැටදහසකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five + 3 =